Featured News

Video Gossip

Advertisement

කුරුණෑගල හා ඒ අවට ප්‍රදේශවල ඊයේ හමාගිය තද සුළඟින් නිවාස 145කට අධික සංඛ්‍යාවක් අර්ධ ලෙස හානි වී තිබේ.

ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා පැවසුවේ හානි වූ නිවාස සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් සිදු කරන බව ය.

ඊට අදාළ කටයුතු මේ වන විටත් සුදානම් කර ඇතැයි ද ඔහු පැවසුවේ ය.

මේ අතර සුළං සමග විදුලි රැහැන් මතට ගස් අතු කඩා වැටීමෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාරිභෝගිකයින් 50,000කට තවදුරටත් විදුලි බලය ඇණහිට ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ මාස්පොත, වාරියපොල, නිකවැරටිය, ගල්ගමුව, කොබෙයිගනේ ඇතුළු ප්‍රදේශවලට එලෙස විදුලි සැපයුම විසන්ධි වී ඇති බව ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements