Featured News

Video Gossip

Advertisement

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට වික්‍රමතුංග මහතාගේ දියණිය බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

ඇය ගෝඨාභය රාජපක්ෂ මහාතට එරෙහිව ඇමරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ ගොනුකළ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම අධිකරණය කටයුතු කළේය. එසේ ප්‍රතික්ෂේප කිරීමට හේතු කිහිපයක් දක්වා තිබිණි. මෙම සිදුවීමට අදාල කාලය තුළ විත්තිකරු ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි බවත්, ලසන්තගේ ඝාතනයට විත්තිකරු සෘජුව සම්බන්ධ බවට පැමිණිලි පාර්ශ්වය කරුණු දක්වා නොමැති බවත් කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව මෙම නඩුව ඉදිරියට ගෙනයමට බලයක් නොමැති බවයි අධිකරණයේ ස්ථාවරය වී තිබෙන්නේ.

කෙසේ වෙතත් අහිම්සා වික්‍රමතුංගගේ නීතිඥ නටාලි එල්. රීඩ් පවසා තිබෙන්නේ මාධ්‍යවේදීන්ට වදහිංසා පැමිණවීම සඳහා රාජ්‍ය නිළධාරීන් තම අධිකාරියෙන් පිටත කටයුතු කරන විට ඔවුන්ට කිසිදු මුක්තියක් නොමැති බවයි. එසේම එක්සත් ජනපද පුරවැසියෙකු වන විත්තිකරු එක්සත් ජනපද අධිකරණයට වගකිව යුතු බව ද පවසා තිබෙනවා.

තම පියා මාධ්‍ය මෙහෙවරේ නිරතවීම නිසාම ඔහුට සිය ජීවිතය අහිමි වූ බවත්, ඔහු වෙනුවෙන් සහ අසාධාරණයට ලක් වූ සියලු මාධ්‍යවේදීන් වෙනුවෙන් තම සටන දිගටම ගෙනයන බව අහිම්සා වික්‍රමතුංග පවසනවා. ඒ අනුව ඉදිරියේදී මෙම නඩුව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනයක් ගොනු කිරීම සඳහා ඇය සූදානමින් සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements