Advertisement

පවතින ගෑස් හිඟය හේතුවෙන් දිවයිනේ මේ වනවිට තරු ගණයට අයත් නොවන හෝටල්, ආපනශාලා 3500 ක් පමණ වසා දමා ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවැසීය.

එසේම එදිනෙදා නිවෙස්වල සහ මඟතොට හිද ඉඳිආප්ප, වඬේ, රටකජු, සමෝසා, කඩල, පිට්ටු, රොටි නිෂ්පාදනය කර අලෙවි කරන වෙළෙඳුන් විශාල පිරිසක්ද ගෑස් හිඟය හේතුවෙන් දැඩි ආර්ථික අපහසුතාවයකට පත්ව සිටින බවද හෙතෙම කීය.

ගෑස් හිඟයට රජය මැදිහත් වී විසඳුමක් ලබානොදෙන්නේ නම් ඉදිරි දින දෙක තුළ සියලූම හෝටල්, ආපනශාලා වසා දමා රජයට එරෙහිව විරෝධය පළකරන බවද හෙතෙම සඳහන් කළේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements