හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාසයේ ලබන 05 වැනිදා රැස්වීම පැවැත්වෙන දින සවසම විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.
ශ්‍රීලනිපය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වද්දී චන්ද්‍රිකා මැතිනිය සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වමින් අවබෝධතා ගිවිසුමක් අස්සන් කිරීම මේ සදහා හේතු වී තිබේ.
චන්ද්‍රිකා මැතිනියගේ රැස්වීමට ආරාධනා කරමින් ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් වෙත ලිපි යවා තිබුණේ කුමාර වෙල්ගම මහතාගේ අස්සනින් යුතුවය.

