Advertisement


26 වන වාර්ෂික ලෝක සංචාරක සම්මාන උළෙලේදී  Figo Holidays සමාගම වෙත ‘ 2019 - ශ්රී ලංකාවේ ප්රමුඛ සංචාරක ඒජන්සියයන සම්මානය ඔක්තෝම්බර් 12 වන දින ප්රදානය කරන ලදී. ලෝක සංචාරක සම්මාන උළෙල, ගෝලීය සංචාරක ක්ෂේත්රයේ වඩාත්ම ගෞරවනීය සම්මාන  වැඩසටහන ලෙස සැලකෙන අතර, එය සංචාරක කර්මාන්තයේ නිරත වන්නන්ගේ ඔස්කාර් සමිමාන උළෙලක් බඳුය


 Figo Holidays සමාගම  2019 ඔක්තෝබර් 19 වන දින මහනුවර Grand Kandyan හෝටලයේ පැවති වාර්ෂික සමුළුවේදී මෙම ජයග්රහණය සිය සේවකයින් සමඟ සමරනු ලැබීය.සමුළුවේ මූලික අරමුණ වූයේ සේවකයින්ගේ කාර්යසාධනය අගය කිරීම සහ ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තයට වැඩි  ථලදායිතාවයක් ලබා දීමට ඔවුන් දිරිමත් කිරීම සඳහා ප්රතිලාභ සහ දිරිගැන්වීම් ලබා දීමයි. Figo Holidays සමාගම විශ්වාස කරන්නේ, තම දැක්ම වන;  'පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන් අභිබවන සුවිශේෂී සංචාරක නිෂ්පාදන සහ ගුණාත්මක සේවාවන් සැපයීම සඳහා තම පාර්ශවකරුවන් සමඟ සන්ධානගත වීමේ අභිලාෂය ඉටු කිරීම සඳහා නව්, ප්රීතිමත් සහ තෘප්තිමත් සංචාරක අත්දැකීම් ලබා දෙන පළමු හා හොඳම නම බවට පත්වීම' සාක්ෂාත් කර ගත හැකි වනු ඇත්තේ තම සේවකයින්ගේ කැපවීම සහ බැඳීම තුළින් බවය. සියළුම කාරණාවලදී සේවකයින්ට  පළමු තැන ලබා දීම සමාගමේ ප්රතිපත්තියයි

වාර්ෂික සමුළුවේදී, Figo Holidays සමාගමේ කළමනාකාරිත්වය Figo Care Club දියත් කරන ලදී. මෙය සේවකයින් විසින් කළමනාකරණය කරන ලද මුළුමනින්ම ස්වාධීන ආයතනයක් වෙයි. Figo Care Club පරමාර්ථය වන්නේ මාසික විනෝද සිදුවීම්, කාර්තුමය කණ්ඩායම් ගොඩනැඟීමේ ක්රියාකාරකම්, එකට එක්වීම, සේවකයින් සඳහා වෛද් කඳවුරු, වාර්ෂික විනෝද සවාරියක්  සහ තවත් බොහෝ දේ සංවිධානය කිරීමෙන් සේවකයන්ට සතුටුදායක සේවා පරිසරයක් සහතික කිරීමයි.  Figo Holidays සමාගම විශ්වාස කරන්නේ එහි විශ්වාසවන්ත හා උද්යෝගිමත් සේවකයින්ගේ කැපවීමෙන්, සමාගමට ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ ඉදිරියේදී තවත්  ජයග්රහණය ලබා ගනු ඇති බවයි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements