Advertisement

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ගත් තීරණයට එරෙහිව විකල්ප ශ්‍රීලනිප කණ්ඩායමක් වශයෙන් විශේෂ සමුළුවක් පැවැත්වීම පිළිබඳව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පියවරක් ගැනීම ජනාධිපතිවරණයෙන් පසුවට කල් තැබීමට ඊයේ (05) පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබේ. 

එම රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රීලනිප වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ සියලුම වීඩියෝ නරඹා එම සමුළුවට සහභාගී වූ සියලුම ශ්‍රීලනිප සාමාජිකයින් හඳුනාගත යුතු බවත් නායකයින්, සංවිධායකයින් ඇතුළු එම සියලුම දෙනාට දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවත්ය. 

කෙසේවෙතත් ශ්‍රීලනිප උප ලේකම් නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම ජනාධිපතිවරණයෙන් පසුව සිදු කිරීමට මධ්‍යම කාරක සභාව තීන්දු කළ බවයි. ඇයත් සමඟ වැඩ කළ නොහැකි බැවින් ඇයව අනිවාර්යයෙන්ම ඉවත් කරන බව ද ඒ මහතා සඳහන් කළේය. 

මේ අතර ඊයේ පැවති "අපි ශ්‍රී ලංකා" සමුළුව අමතමින් ශ්‍රීලනිප උපසභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේ දයාසිරි ජයසේකර ඇතුළු පිරිසට තමන්ට හෝ තම සාමාජිකයින්ට එරෙහිව කිසිදු විනය පරීක්ෂණයක් සිදුකළ නොහැකි බවත් පාක්ෂිකයින් ඒ ගැන බියවිය යුතු නොමැති බවත්ය. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ කුමාර වෙල්ගම මහතා පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ තීරණයට එරෙහිව විවෘතව කැරලි ගසා ඇති පසුබිමක, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රසිද්ධියේම එක්සත් ජාතික පක්ෂය සමඟ ගිවිසුම් අත්සන් කර ඇති පසුබිමක ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ රැල්ල හැරෙන ආකාරය පිළිබඳ යම් වෙනසක් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ද දැනී ඇති බවකි. විශේෂයෙන්ම පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිහැඬියාවෙන් කියවෙන්නේ කුමක්ද යන්න මන්ත්‍රී කණ්ඩායම වටහා ගත යුතුව ඇති ආකාරයක් පෙනේ. 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements