Advertisement

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය තම මව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ගත් හතුරුකම් කළ අයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දරද්දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විජය කුමාරතුංග සමග එක්වී ශ්‍රී ලංකා මහජන පක්ෂය බිහි කළ බවද ඔහු සඳහන් කළේය.
පසුව නැවත වතාවක් චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් කර ගැනීම සම්බන්ධයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය දැඩි විරෝධයක් පළ කළ බවද සඳහන් කළ ඔහු අවසානයේ තමන් ඇතුළු පිරිසකගේ දැඩි බලපෑම මත ‍පක්‍ෂයට එක්කරගත් බවත් සඳහන් කළේය.

නමුත් ඇයට මැතිනිය විසින් ලබාදුන්නේ අත්තනගල්ලේ සංවිධායක ධුරය පමණක් යයි ද මන්ත්‍රීවරයා පැවසීය.

බස්නාහිර මහ ඇමති අපේක්‍ෂකාව ලෙස චන්ද‍්‍රිකා කුමාරතුංගගේ නම යෝජනා වූ අවස්ථාවේදීද මැතිණය ඊට දැඩිව විරුද්ද වූ බවත් දිසානායක මහතා සදහන් කලේය.

මධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements