Advertisement

සජිත් ප්‍රේමදාස මහතා උපරිම බලය බෙදාහැරීම පිළිගත් බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා එය ප්‍රතික්ෂේප කළ බවත්, එම නිසා අප රටේ නායකයන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට සිදුවිය යුත්තේ කුමක්ද යන්න උතුරු නැගෙනහිර ජනතාව පැහැදිලි පණිවිඩයක් ලබාදුන් බවත් ආර්. සම්පන්ධන් මහතා පවසයි.

පැවති ජනාධිපතිවරණයේදී උතුරු හා නැගෙනහිර ජනතාව ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුවට නව ජනාධිපතිවරයා ගරු කරනු ඇති බවට විශ්වාස කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්ධන් මහතා පවසයි.

උතුරු හා නැගෙනහිර සියලුම පරිපාලන හා මැතිවරණ දිස්ත්‍රික්කවලට අයත් ජනතාව බොහෝදුරට ඡන්දය ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතාට බවත්, එසේ ඡන්දය ලබා දුන්නේ උපරිම බලය බෙදාහැරීම පිළිබඳව වූ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව බවත් සම්පන්ධන් මහතා පෙන්වා දෙයි.

එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීම සඳහා උපරිම බලය බෙදාහැරීම අවශ්‍ය බව සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ සහ නායකයන් පිළිගෙන තිබූ බවත්, ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබාදෙන ලෙසට සිය ජනතාවගෙන් ඉල්ලා සිටි බවත් හෙතෙම සඳහන් කරයි.

සියලු ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කරන පරිසරයක් නිර්මාණය කිරීම තුළින් විශාල ආර්ථික හා සමාජ සංවර්ධනයක් අත්කර ගත හැකි බවත්, එමගින් රටේ සියලුම ජනතාවට ප්‍රතිලාභ සැලසෙන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ලසිත දුමින්ද

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements