Advertisement





ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර ප‍්‍රබලයින් කිහිප දෙනෙකු අතර ඇතිවී ඇති මත ගැටුම් හේතුවෙන් අවසන් මොහොතේ මහනුවරට හිමිවීමට තිබූ කැබිනට් ඇමති ධූරය අහිමි වූ බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඊයේ රාත‍්‍රියේ සැකසූ අවසන් කැබිනට් ඇමති නාම ලේඛනයේ මහනුවර දිස්ත‍්‍රික් නායකයා වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නම සදහන්ව තිබී ඇතත් ඊට මහනුවර දිස්ත‍්‍රික්කයේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තවත් ප‍්‍රබලයින් දෙදෙනෙකු තදින්ම විරුද්ධ වීම හේතුවෙන් අවසන් මොහොතේ ඉතා අසීරුවෙන් තේරූ නව කැබිනට් මණ්ඩලයෙන් මහනුවරට හිමිවීමට තිබූ ඇමති ධූරය ඉවත් කිරීමට සිදුවී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල, සරත් අමුණුගම, ලොහාන් රත්වත්තේ, මහින්දානන්ද අලුත්ගමගේ, එස්. බී. දිසානායක, දිලුම් අමුණුගම යන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර ප‍්‍රබලයින් අතරින් කිසිවකු කැබිනට් අමාත්‍ය ධූර සදහා පත් නොකිරිමට හේතුව ඔවුන් අතතුරින් එක් අයෙකුට ඇමති ධූරයක් ලබා දෙනවාට අනෙක් කෙනා තදින්ම විරුද්ධ වීම නිසා බවද වාර්තා වේ. 

මහනුවර දිස්ත‍්‍රික්කයේ පොහොට්ටු පක්‍ෂයේ ප‍්‍රබලයින් අතර පවතින මෙම බල පොරය හේතුවෙන් අකමැත්තෙන් හෝ මහනුවර කිසිවෙකුටක් ඇමති ධූරයක් ලබා නොදී සිටීමට ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයින් තීරණය කර ඇති බව සඳහන්. 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප‍්‍රබල දේශපාලන බල කොටුවක් සේ සැලකෙන මහනුවර දිස්ත‍්‍රික්කය සදහා එකම කැබිනට් ඇමතිවරයෙකු හෝ පත් නොකිරීම නිසා මහනුවර පොහොට්ටු ආධාරකරුවන් නොසන්සුන් වී ඇති බවද වාර්තාවේ. 


ඇමැති ධූර අපේක්‍ෂාවෙන් සිටි කෙහෙළිය රඹුක්වැල්ල,මහින්දානන්ද අලූත්ගමගේ,සරත් අමුණුගම යන ජ්‍යෙෂ්ඨ දේශපාලඥයින් කිසිවෙකුට මෙවර කැබිනට් මණ්ඩලය පත් කිරිමේදී ඇමතිකම් නොලැබීම මෑත දේශපාලන ඉතිහාසයේ දක්නට ලැබෙනු විශේෂ සිදු වීමකි. පසුගිය රජය යටතේ මහනුවරට ප‍්‍රබල කැබිනට් ඇමති ධූර හතරක් හිමිව තිබුණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements