Featured News

Video Gossip

Advertisement

ඇමරිකානු විද්‍යභිවර්ධන සංගමය පිරිනමන AAAS ( ට්‍රිබල් ඒ එස් ) සම්මානය 2109 වසර සඳහා කැලිෆෝර්නියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයකු වන මහාචාර්ය සරත් ගුණතිලකට සහ රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්න ජයසුමනට හිමිව ඇත.

කෘෂිකාර්මික වකුගඩු රෝගය සම්බන්ධයෙන් බාධක මැද ඔවුන් සිදු කළ පර්යේෂණ වෙනුවෙන් මෙම සම්මානය ලබා දුන් බව ඇමරිකානු විද්‍යභිවර්ධන සංගමය පවසයි.
මෙම වසරේ ජනවාරි මාසයේ මුල් වරට මෙම සම්මානය මහාචාර්ය ගුණතිලකට සහ මහාචාර්ය ජයසුමනට ලබා දෙන බව නිවේදනය කළ අතර කෘෂිරසායන සමාගම්වලින් සහ ඔවුන් වෙනුවෙන් සේවය කරන පිරිසෙන් එල්ල වූ අතිමහත් විරෝධය නිසා ඇමරිකානු විද්‍යභිවර්ධන සංගමය එම සම්මානය ලබා දීම තාවකාලිකව අත් හිටුවා ඒ ගැන යළි සලකා බැලීමට කමිටුවක් පත් කළේය.

මාස 10ක් කරුණු විමසු එම කමිටුව සම්මානයට මහාචාර්යවරු සුදුසු බව පසුගිය දා තීරණය කර ඇත.

බටහිර විද්‍යාත්මක ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකිකයකුට හිමි වූ ඉහලම ඇගයීමද මෙයයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements