Advertisement

ජනාධිපතිවරණ දිනයට පෙර ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමේ සහතික ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂන ගෝඨාභය රාජපක්ෂට අභියෝග කරයි. නොවැම්බර් 06 වැනිදා කොළඹ සිය කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ බව පැවසූ මංගල සමරවීර අමාත්‍යවරයා අවධාරණය කළේ ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමේ DS4079 දරණ සහතිකය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට පෙර ඉදිරි සතියේදී රටට ඉදිරිපත් කළ යුතු බවයි. 
ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙකු වන ගෝඨාභය රාජපක්ෂ තවමත් ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැර නැති බවත් ඔහුගේ බිරිඳ හා පුතණුවන්ද ඇමෙරිකානු පුරවැසියන් බවත් පැවසූ සමරවීර මහතා ගෝඨාභය රාජපක්ෂට ජයග්‍රහණය කිරීමට නොහැකි වුවත් ඔහු ජනාධිපති වුවහොත් ඇමෙරිකානු පුරවැසියෙකු අපට ජනාධිපති ලෙස ලැබෙන බවත්, ඇමෙරිකානු ජනාධිපති බිරිඳ මෙලානියා ට්‍රම්ප්ට පසු තවත් ඇමෙරිකානු පුරවැසි කාන්තාවක ජනාධිපති බිරිඳ බවට පත්වනු ඇති බවත් කීවේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements