Advertisement

අති නවීන පහසුකම් සහිතව පැලවත්ත අකුරේගොඩ ප‍්‍රදේශයේ ඉදි කෙරුණු ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා මූලස්ථානය, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද විවෘත කෙරෙනවා. 

යුද, ගුවන් සහ නාවික යන ති‍්‍රවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම ඉදි කිරීම් ඇරඹුණේ 2011 වසරේ මාර්තු මස 11 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේයි. 
එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ මගපෙන්වීම යටතේ මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණා. 

නව යුද්ධ හමුදා මූලස්ථානය ඉදිරිකිරීම සඳහා ඇස්තමේන්තු ගත කළ මුදල රුපියල් මිලියන 53 යි දශම 3 ක්. ශී‍්‍ර ලංකාවේ මෙතෙක් කි‍්‍රයාත්මක වූ විශාලතම ගොඩනැගිලි ව්‍යාපෘතිය ද මෙය බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

නව යුද හමුදා මූලස්ථානයේ ක්‍ක්‍ඔඪ කැමරා පද්ධති නිරීක්ෂණය වෙනුවෙන් LCD තිර 16 ක් ද ස්ථාපිත කර තිබෙනවා. විදුලි සෝපාන 19 ක් ද මෙහි ස්ථාපිත බවයි යුද හමුදාව ප‍්‍රකාශ කළේ.

දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ව්‍යාප්තව පවතින ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ප‍්‍රධාන කාර්යයාල, මෙම සංකීර්ණය තුළ ස්ථාපිත කෙරෙනු ඇති. යුද හමුදා මූලස්ථානයේ විවිධ අංශ කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල ස්ථාපනය කිරීම වෙනුවෙන් කුලියට ගත් ගොඩනැගිලි සඳහා මාසිකව රුපියල් මිලියන 50 කට අධික මුදලක් වැය කෙරුණා. 

නව යුද හමුදා මූලස්ථානය විවෘත කිරීම තුළින් එම මුදල ද ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements