Featured News

Video Gossip

Advertisement

පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමේ කටයුතු සෘජුවම හමුදාව වෙත පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී යුද හමුදාව ඇතුලු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යොදවා පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සියල්ල මැඩ පැවැත්වීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේ.

මේ වනවිට හිටපු හමුදා නිළධාරියෙකු ජනාධිපති ධුරයට පත්ව සිටී. එසේම නව ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ අවසන් සටනේදී කැබී පෙනෙන කාර්යභාරයක් සිදුකළ කමල් ගුණරත්න මහතාය. වත්මන් යුද හමුදාපතිවරයා ද අවසන් සටනේදී කැපී පෙනුණු හමුදා නිළධාරියෙකි.

අනෙක් වැදගත්ම කරුණ වන්නේ මෙම පුද්ගලයන් තිදෙනාම යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවට අයත් වීමයි. අවසන් යුද සමයේදී තිදෙනා අතර අතිශය සමීප සබඳතා පැවති අතර ඒ අනුව පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ මහෙයුමේදීද ගෝඨාභය රාජපක්ෂ මහතා කමල් ගුණරත්න මහතා සහ ශවේන්ද්‍ර සිල්වා මහතා කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා උත්සාහ කළ නමුත් එහි අවසානයක් දැකීමට අසමත් විය.

කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වූ පළමු මොහොතේම පාතාලය සහ මත් ජාවාරම මැඩලීම සඳහා පළමු පියවර බරටම තබා තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements