Advertisement

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමේ වගකීම, නායකත්වය සමඟ මෙන්ම අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකත්වයත් කථානායක කරු ජයසූරිය මහතාට ලබාදිය යුතු බවට වන යෝජනාවක් එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ ජේ‍යෂ්ඨයන් පිරිසක් තීරණය කර ඇත. 

පාර්ලිමේන්තු සංකීර්ණයට ඊයේ (21දා) රැස්වූ හිටපු කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනකු ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ජේ‍යෂ්ඨයන් පිරිසක් අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව හිටපු කැබිනට් අමාත්‍යවරයකු ‘මව්බිම’ට ප්‍රකාශ කළේය. 

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මේ අවස්ථාවේදී අලුතින් රටට ඉදිරිපත් කිරීමට කරුණු නොමැති නිසා පාර්ලිමේන්තු මහ මැතිවරණයට නායකත්වය ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා සුදුසු නොවන බවට මෙහිදී සාකච්ඡා වී තිබේ. 

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීමෙන් අනතුරුව කෙටි කාලයක් ඇතුළත පාර්ලිමේන්තු මහ මැතිවරණයට නායකත්වය ලබාදීමට සුදුසු නොවන බවටද මෙහිදී සාකච්ඡා වී ඇත.

මේ හේතු දෙක නිසා රනිල් වික්‍රමසිංහ මහතාටත් සජිත් ප්‍රේමදාස මහතාටත් තිබෙන හොඳම විකල්පය කථානායක කරු ජයසූරිය මහතා වන බැවින් ඒ මහතා පාර්ලිමේන්තු මහ මැතිවරණය මෙහෙයවීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු බවට මෙම සාකච්ඡාවේදී තීරණය වූ බැව් හිටපු කැබිනට් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමේදී එහි නායකත්වය කථානායක කරු ජයසූරිය මහතාට ලබාදීමට ඉදිරිපත් කරන යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සමඟ ළඟදීම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද එම හිටපු කැබිනට් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements