Advertisement

ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස මෙලෙස දිවුරුම් දෙනු ලැබූවේ තෙවෙනි වතාවටය.

පළමුව ඔහු 2004 සන්ධාන ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් අතර පසුගිය වසරේ ඔක්තෝබර් 26 වනදා සිදු කළ දේශපාලන කුමන්ත්‍රණය මගින්ද මහින්ද රාජපක්ෂ මහතා දෙවෙනි වරට අගමැති ධුරයට පත් විය. දින 51ක් පැවති එම කුමන්ත්‍රණ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ 32කට වඩා වැඩි මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් ප්‍රතික්ෂේප වීම නිසා කුමන්ත්‍රණ අගමැති ධුරය දින 51කට සීමා විය.

ඉන් පසු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එතෙක් හිටපු ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එතෙක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා යළි මෙලෙස අගමැති ලෙස දිවුරුම් දෙන ලදී.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහභාගී වී සිටිති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements