පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා ලෙසපත් කරන ලෙස ඉල්ලමින් එජාප මන්ත්‍රීවරුන් පිරිසක් ලිපියක් බාර දී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 45 දෙනෙකු විසින් අත්සන් කර ඇති මෙම ලිපිය මීට ටික වේලාවකට පෙර කතානායකවරයා වෙත භාරදී තිබේ.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ද අද දිනයේදී කතානායකවරාය වෙත ලිිඛිතව ඉල්ලීමක් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ලෙස පත් කරන්නැයි ඉල්ලමිනි.

