Advertisement

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයක් අනුව දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) දහවල් ඉන්දියාව බලා පිටත්වයාමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු නිරත වන ප්‍රථම විදේශ සංචාරය ද මෙය වේ.

ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුරදී ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරතවීමට ද නියමිතය.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර,විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආර්යසිංහ, භාණ්ඩාගාර ලේකම් සජිත් ආටිගල, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරු ද මෙම චාරිකාවට එක් වෙති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements