Featured News

Video Gossip

Advertisement

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග විපක්ෂ නායක ධුරය ලබාගැනීම සදහා එක්සත් ජාතික පක්ෂය තුළ දැඩි වාද විවාද ඇති වී තිබේ.

එම පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සඳහන් කරන්නේ ජනාධිපතිවරණයෙන් දෙවැනි ස්ථානයට පත්වූ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ලෙස පත්කළ යුතු බවයි.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයේ පිරිස තවදුරටත් වන වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ලෙස කටයුතු කළ යුතු බව සඳහන් කරති.

පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව ඇත්තේ එළැඹෙන දෙසැම්බර් 03 වැනිදාය.

මේ අතර තම ජීවිතයේ ඉදිරි කාලය ශ්‍රී ලංකාවේ දිවියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප කරන බව සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු පළමු ට්විටර් පණිවුඩය තබමින් ‌ප්‍රේමදාස මහතා ‌මේ බව සදහන් කර ඇත.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements