Advertisement

ප‍්‍රධාන ධාරාවේ ජනාධිපති ධුර අපේක්‍ෂකයින්ට සහය ලබාදෙන මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්‍ෂකයින් සම්බන්ධයෙන් දැඩි කි‍්‍රයාමාර්ග ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

රුහුණු ජනතා පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අජන්ත ද සොයිසා අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය පළ කිරීමට එක්වීම මෙහි ආසන්නතම සිදුවීමයි.
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත්වීම හේතුවෙන් මෙවර ඡන්ද විමසීම සඳහා අමතර පිරිවැයක් දැරීමටද මැතිවරණ කොමිසමට සිදුව තිබෙනවා. එවන් පසුබිමක අපේක්‍ෂකයින් බොහෝ දෙනෙකු ප‍්‍රධාන ධාරාවේ අපේක්‍ෂකයින්ට සහාය දැක්වීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි එම කොමිසම පෙන්වා දෙන්නේ. 
මේ අතර උද්ගතව ඇති මෙම තත්ත්වය සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මාධ්‍යවෙත අදහස් පළ කරමින් සඳහන් කළේ "ඕනෑම අපේක්ෂකයෙකුට තමන්ගේ තරගයෙන් ඉවත් වෙලා වෙනත් අයෙකුට සහය පළ කිරීමේ බාධාවක් නෑ.. නමුත් මෙවැනි තත්ත්වයක් තුළ අපේක්ෂකයින් වැඩි වීම හේතුවෙන් ජනතාවගේ මුදල් අතිරේක වියදමක් ලෙස වැය වෙනවා." යනුවෙනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements