Advertisement

එක්සත් ජාතික පක්ෂයේ නායකධූරයේ දිගටම කටයුතු කිරීමට සූදානම් නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද (25දා) පැවසීය.

පක්ෂය දෙකඩවීම වීම වැළැක්වීම සඳහා තිරණයක් ගැනීමට සූදානම් යැයි වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බවද මහලේකම්වරයා සඳහන් කළේය.

රනිල් වික්‍රසිංහ මහතා විපක්ෂ නායකධුරයට පත්කරන මෙන් ඉල්ලා ව්‍යවස්ථානූකූලව කථානායකවරයා වෙත ලිපියක් යොමුකළද අනාගතයේදී එහි සඳහන් කරුණු වෙනස් කර ගැනීමට අවස්ථාව තිබෙන බවද හෙතෙම කීය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මුලස්ථානයේ කැඳවා තිබු ප්‍රවෘත්තී සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ අකිල විරාජ් කාරියවසම් මහතා,

“බෞද්ධ දර්ශනය ගැන අපේ දේශපාලඥයින් සිදුකළ ඇතැම් ප්‍රකාශ නිසා අපේ සිංහල බෞද්ධ ඡන්ද පදනම දෙදරා ගියා.ඒ නිසා අපි වැරදි හදාගෙන ස්වාමීන් වහන්සේලා සමග ඉදිරියට යා යුතුව තිබෙනවා.

පක්ෂයේ නායකතුමා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා ඉදිරියට දිගටම කටයුතු කරන්න සූදානමක් නැහැ කියලා.එතුමා පැහැදිලිව කියලා තිබෙනවා පක්ෂය ආරක්ෂා වෙන විදියට අපේ සියලුම දේශපාලන නායකයෝ එකට එකතුවෙලා තීරණයක් අරගෙන එකට ගමනක් යන්න අවශ්‍යයි කියලා.එය කරන්න පුලුවන්වෙවි කියලා අපි විශ්වාස කරනවා.

එතුමා පැහැදිලිව කිව්වා එතුමාට නායකධුරයේ ඉන්න බලාපොරොත්තුවක් නැහැ එතුමා ගැන හිතන්න එපා කියලා.පක්ෂය කැඩෙන්නැතිව,පක්ෂය බිදෙන්නැතිව වැඩපිළිවෙල සූදානම් කරලා එතුමා ඕනම වෙලාවක කටයුතු කරන්න සූදානම් බව කිව්වා.

මේ සියල්ල තීරණය වෙන්නේ අපේ අපේක්ෂකතුමා ඇතුළු සියල්ල සාකච්ඡා කරලා ගන්න පොදු තීරණයක් මත. පක්ෂය කැඩෙන්නැතිව බිඳෙන්නැතිව පක්ෂය ආරක්ෂා වන පරිදි අපි ඉතා ඉක්මනින් සාකච්ඡා කරලා ඒ පොදු තීරණය ගන්න බලාපොරොත්තු වෙනවා. “යනුවෙන් පවසා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements