ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් කැඳවා තිබුණු සමුළුවක් ඊයේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
එම රැුළිය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ සඳහන් කරද්දී එහි සිටි පිරිස හූ තැබූහ.
16 වැනිදාට පසු වත්මන් මහලේකම් දයාසිරි ජයසේකර මහතා කණෙන් අල්ලා එලියට විසි කරන බවද වෙල්ගම මහතා සදහන් කලේය.
මෙම සමුළුව පැවැත්වීමට පෙරම දයාසිරි ජයසේකර මහතා විසින් දැඩි අවවාදාත්මක ලිපියක් නිකුත් කර තිබිණි.

