Advertisement

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය අඩවි දෙක බිඳ වැටී ඇති බව වාර්තා වන අතර දහස් ගණනක් පරිශීලකයින්ට පොස්ටු පළ කිරීමට හෝ බෙදා ගැනීමට නොහැකි වී ඇත. (28) රාත්‍රී 6.30ට පමණ පරිශීලකයින් මෙම සමාජ මාධ්‍ය ජාල අඩවි දෙක බිදවැටීම පිලිබදව ගැටළු වාර්තා කර ඇත.

ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම්වලට පිවිසීමට නොහැකි වී තිබේ. ලොව පුරා සිටින ෆේස්බුක් පරිශීලකයින්ට පොස්ටු බෙදාගැනීමේ පහසුකම ක්‍රියාත්මක නොවන බවත්, අදහස් දැක්වීමට හෝ ඡායාරූප උඩුගත කිරීමට ඔවුන්ට නොහැකි වී ඇති බව ඔවුන් තවදුරටත් වාර්තා කර ඇත.බොහෝ පරිශීලකයින් ඔවුන්ගේ ගැටළු downdetector වෙබ් අඩවිය වෙත වාර්තා කර ඇත.
මෙම මාධ්‍ය නිවේදනය සකස් කරන අවස්ථාවේ downdetector වෙබ් අඩවියට අනුව, පරිශීලකයින් 10.000 කට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය අඩවිය සම්බන්ධ ගැටළු වාර්තා කර ඇත.
පරිශීලකයින් 25.000 කට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය අඩවිය සම්බන්ධ ගැටළු වාර්තා කර ඇත.
සමාජ මාධ්‍යවල බිදවැටීම ජනතාව වැරදි ආකාරයට වටහාගැනීමට ඇති ඉඩප්‍රස්තාව වැඩි බැවින් සමාජ මාධ්‍ය අඩවි බිදවැටීම පිලිබදව කඩිනමින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනා ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස සියලුම මාධ්‍ය ආයතනවලට දැනුම් දෙමු.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements