Advertisement

දෙහිවල වෙරළ තීරයේ හෝටලයක් තුළ ඊයේ (02) රාති‍්‍රයේ පැවැති ෆේස්බුක් සාදයක් වටලා කාන්තාවන් 17 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 100 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 ත් 48 ත් අතර වයස් කාණ්ඩවල පසුවනවා. ඔවුන් අම්බලන්ගොඩ, කලුතර, කුරුණෑගල සහ පොළොන්නරුව යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා ගෑම් 04 ක්, මත්පැන් ලීටර් 38 ක්, මත් මුද්දරයක් සහ නීති විරෝධී මත් දුම්වැටි 28 ක් ද සොයා ගැණුනු බව පොලීසිය සඳහන් කළා. සැකකරුවන් පිරිස ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (03) ඉදිරිපත් කිරීමට නියමිතයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements