පවතින ගෑස් හිගය මෙම සතිය තුළ ද පවතිනු ඇතැයි වෙළඳපල ආරංචි මාර්ග පවසනවා. අද දිනයේ ද බොහෝ ප්‍රදේශවල ගෑස් පෝලිම් දක්නට ලැබුණු බව වාර්තා වෙනවා. මෙම සතියේ සිට කිසිඳු හිගයකින් තොරව ගෑස් සැපයිය හැකි බවට අදාළ සමාගම් සහතිකයක් ලබාදුන් බව අමාත්‍ය පී හැරිසන් ප්‍රකාශ කළා.
දෛනිකව වෙළඳපලට නිකුත් කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩර සංඛ්‍යාව 75,000 සිට ලක්ෂය දක්වා ඉහළ නැංවීමටයි ලිට්‍රෝ සමාගම පියවර ගෙන ඇත්තේ. ඉදිරි දින කිහිපය තුළ ගෑස් මෙටි්‍රක් ටොන් 15,000 ක් නැව් මගින් මෙරටට ගෙන ඒමට ද සැලසුම් කර තිබෙනවා.
සිය දෛනික ගෑස් නිකුතුව සියයට 35 කින් ඉහළ දමන බව ලාෆ් සමාගම ද ප්‍රකාශ කර කළා. ගෑස් ටොන් 27,000 ක ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාමටයි සැලසුම් සකස්කර ඇත්තේ.

