Advertisement

ඉන්දියාවේ නව දිල්ලි නුවරට බලපා තිබෙන වායු දුෂණය මේ වන විට ශ්‍රී ලංකාවටද බලපා ඇති බව ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ ආයතනය සඳහන් කර සිටිනවා. එම දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කලේ මේ වන විට මෙරට වායු දුෂණය දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

ජේෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි ප්‍රකාශ කලේ කියුබික් මීටරයකට මයික්‍රොග්‍රෑම් 50 ක් ලෙස සම්මතව පවතින වාතයේ කුඩා අංශු ප්‍රමාණය අද (06) දහවල් කාලය වන විට මයික්‍රොග්‍රෑම් 70 දක්වා ඉහළ ගොස් තිබු බවයි. එමෙන්ම මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ සුළං හමා ඒමේ දිශාව වෙනස් වීම හේතුවෙන් ඉන්දියාවේ සිට මෙම ධුලි වළාව ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන්නට ඇති බවයි.
දැනට පවතින වායු දුෂණය හේතුවෙන් ස්වශන රෝග සහිත පුද්ගලයින්, කුඩා දරුවන් සහ වැඩිහිටියන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවිය යුතු බවයි ජේෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ජා කිරීම සඳහා අද දහවල් ආපදා කළමණාකරන අමාත්‍යංශයේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ජාවක් ද කැඳවා ඇති බවයි එහි සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කලේ. එම සාකච්ජාව සඳහා පරිසර අමාත්‍යංශයට, ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ ආයතනයේ නිලධාරීන් කැඳවා ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements