Advertisement

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරිය ලෙස කටයුතු කරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එරෙහිව විනය පියවර ගැනීමට එම පක්ෂය සූදානම් වනවා.

"අපි ශී‍්‍ර ලංකා කඳවුර" නමින් ඇය, එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධානගත වීමට ගත් තීරණයට එරෙහිවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මෙවැනි පියවරක් ගැනීමට තීරණය කර ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් ලබන 05 වැනිදා පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මාධ්‍ය වෙත සඳහන් කළා.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙලෙස කරුණු දැක්වූවා.

"අපි මේ ප්‍රශ්නය තේරුම් අරගෙන තමයි වැඩ කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරා දාන්න බෑ කාටවත්. විවිධ මතවාද තියෙන්න පුළුවන්. ගැලපෙන්නේ නැති මත තියෙන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින්න ඕන වැඩකටයුතු ටික අපි කරනවා."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements