Advertisement

මිලේනියම් චැලේන්ජ් ප්‍රදානය සහ ගිවිසුම සම්බන්ධව රාජපක්ෂ කඳවුර ගෙන ගිය ප්‍රචාරත් ප්‍රෝඩාවක් බව පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසි රට සඳහන් කරයි.

එනම් ඒ පිළිබඳ මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පාර්ලිමේන්තුවේ සම්මත කර අනුමැතිය පෙන්වීම අවශ්‍ය බවයි.
ඇමරිකානු තානාපති කාර්යාල නිවේදනය මෙන්න ! 


මහින්දගේ ප්‍රෝඩාවත් මාට්ටුයි !

ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත්කළ එම නිවේදනය අනුව මෙම ගිවිසුම සම්බන්ධව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කළ නිවේදනයද සාවද්‍ය බව තහවුරු වෙයි. 

මන්ද එහිදී ඔහු මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සඳහන් කර තිබුණේ ජනතාවට හොරෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර අත්සන් තබන්න යන රහස් ගිවිසුමක් බවයි. 

එසේම එම ගිවිසුම අත්සන් තැබීම හදිසියේ සිදුකිරීම සැකසහිත බවත් ඔහු සඳහන් කර තිබුණ අතර එයත් ජනතාව නොමග යැවීමට සිදුකළ ප්‍රෝඩාවක් වන්නේ තම පාලනයක ඊට අත්සන් නොතබන බවක් එම නිවේදනයේ සඳහන් නොකිරීමට ඔහු ප්‍රවේශම්වීම හරහායි.

තවද මෙම ගිවිසුම සම්බන්ධව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මුනිවත රකින අතර ඒ නිහැඬියාව සැකසංකා උපදවන්නක් බව දේශපාලන විචාරකයන්ගේද අදහස වී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements