Featured News

Video Gossip

Advertisement

කටුවන හැඩිවත්ත ප්‍රදේශයේදී 2012 වසරේ ජුනි 15වනදා පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ “ජනතාව පෙළෙන පාලනයට එරෙහිව පෙළගැසෙමු” යන ජන හමුවට වෙඩි තබා ජනහමුවට සහභාගී වී සිටි දෙදෙනෙකු ඝාතනය කර එක් අයෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි මත අත්අඩංගුවට ගත් ප්‍රබල පාතල ක්‍රියාකාරිකයෙකු වන ගීගනගේ අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේ නැමැත්තාට මරණ දඬුවම නියම කර තිබේ.
එම වෙඩි තැබීමෙන් එදිරිමාන්න පතිරනගේ මාලනී (50) ජයසේකර පතිරනගේ හේෂාන් (18) යන දෙදෙනා ඝාතනය වූ අතර නෙත්තසිංහ ලියනගේ සුජිත් නිමේෂ යන අයට බරපතල තුවාල සිදු ව තිබිණි.

ජූලම්පිටිය අමරේ මනුෂ්‍ය ඝාතන කිහිපයකට හා තංගල්ල බන්ධනාගාර කැරැල්ලටද චෝදනා ලැබ සිටි අයෙකු වන අතර ඔහු රාජපක්ෂ වරුන්ගේ ආරක්ෂකයෙකු ලෙසද කටයුතු කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements