Featured News

Video Gossip

Advertisement

රටේ ඉඩම් සම්බන්ධ බැරැරුම් වෙනස්කම් ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ජනමතය නොවිමසා අත්සන් තැබීම භයානක ප‍්‍රතිඵල ගෙන දිය හැකි බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් කාදිනල්තුමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබද යම් තීරණයක් ගන්නේ නම් පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කර ගත් පසු ජනමත විචාරණයකින් ඊට අනුමැතිය ලබාගන්නා ලෙසයි. 
ජනාධිපතිවරණයක් සදහා මුළු රටම සූදානම් වන අවස්ථාවකදී මෙවන් දෙයක් කඩිමුඩියේ සිදුකිරීමට යාම කිසිසේත් සුදුසු නොවන බවයි කාදිනල්තුමන් පෙන්වා දෙන්නේ. 

මේ සම්බන්ධයෙන් ඉකුත් මැයි මස 31 වනදා පැවති සාකච්ඡාවකදී අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයද ප‍්‍රකාශ කර සිටියේ මෙවැනි ගිවිසුමකට එළඹෙන්නේ නම් ඒ පිළිබද ජනතාවගේ පොදු මතය විමසිය යුතු බවයි. 

එවන් පසුබිමක මෙම ගිවිසුම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා උත්තරීතර පාර්ලිමේන්තුවේ අනුමැතියද මේ දක්වා ලබාගෙන නොමැති බවයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර මෙම ගිවිසුම සම්බන්ධයෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාද ඊයේ නිවේදනයක් නිකුත් කළා. ඔහුද කියාසිටියේ මේ සම්බන්ධයෙන් ජනමතය විමසා පාර්ලිමේන්තුවේදී විවාද කර ඊට අනුමැතිය ලබාගත යුතු බවයි. 

මෙම ගිවිසුමෙන් රටට සිදුවිය හැකි අහිතකර තත්ත්වයන් පිළිබද අතුරලියේ රතන හිමි, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඊයේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාද දැනුවත් කළා. 

එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ සදහන් කළේ එවැනි ගිවිසුමකට එළඹීමට ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා විසින් පොරොන්දුවක් ලබාදුන් බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements