Advertisement

සිංහල ජනතාවගේ ඡන්දය නිසා ගෝඨාභය මහත්තයා ජය ගත්තා. දෙමළ ජනතාවත් ටික දෙනෙක්‌ ගෝඨාභය මහත්තයාට ඡන්දය දුන්නා. දැන් හැමදෙනාගෙම මානසිකත්වය හොඳයි යෑයි හිටපු නියෝජ්‍ය ඇමැති මෙන්ම දෙමළ ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විනයාගමුර්ති මුරලිදරන්  හෙවත් කරුණා අම්මාන් මහතා  පසුගියදා  (22 වැනිදා) පුවත්පතකට පවසා තිබේ.

රටට වැඩක්‌ කළ හැකි නායකයෙක්‌ පත්වීම ගැන තමන් ඉතා සතුටට පත්වන බවද හෙතෙම කීය.

 මෙහිදී තවදුරටත් කතා කළ කරුණා අම්මාන් මහතා මෙසේද කීය.


මම ගමක්‌ ගමක්‌ ගානේ ගිහින් දෙමළ, මුස්‌ලිම් ජනතාව දැනුවත් කළා. ඒ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට ඡන්දය දෙන්න කියලා. නමුත් ඒ බහුතරයක්‌ම තමන්ගේ ඡන්දය දුන්නේ සජිත් මහත්තයාට. දෙමළ ජනතාවගෙන් සුළු පිරිසක්‌ ගෝඨාභය මහත්තයාට ඡන්දය දුන්නා. විශේෂයෙන් මඩකලපුව, මුලතිව් ජනතාවට මගේ ප්‍රණාමය පුදකරනවා. ගෝඨාභය මහත්තයාගේ ජයග්‍රහණය වෙනුවෙන් දායක වුණාට මුස්‌ලිම් ජනතාව පොඩ්ඩක්‌වත් ගෝඨාභය මහත්තයාට සහයෝගය දුන්නේ නැහැ. ඒ අය මහ මෝඩ වැඩක්‌ කරගත්තේ.

 දැන් කොහොමත් ගෝඨාභය මහත්තයා මුළු රටම හදනවා. උතුරු නැගෙනහිර ජනතාවට එතකොට තේරෙයි සැබවින්ම වැඩ කරන්නේ කවුද කියලා.

 මටත් ඇමැති ධුරයක්‌ ලැබුණොත් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා සමග උතුරු නැගෙනහිර ගෙවල් නැති සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතාව වෙනුවෙන් ගෙවල් හදලා දෙනවා. ඒ වගේම ඒ ජනතාවගේ තියෙන සියලු ආකල්ප වෙනස්‌ කරන්නත් කටයුතු යොදනවා.

මත් කුඩු, මත්පැන් මර්දනය කරනවා. ඒ වගේම පාතාල කල්ලි, කප්පම් කල්ලි, අපරාධකරුවන් මර්දනය කරනවා. පහුගිය ආණ්‌ඩුව කාලයේ මේ අපරාධ රැල්ල උතුරේ වැඩි වුණා. ඒ ජනතාව ඒ තරම් බයකින් ජීවත් වුණේ.


(ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් - දිවයින) 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements