Advertisement

එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදුනහොත් මන්ත්‍රීවරු බහුතර පිරිසක් විපක්ෂයේ ස්වාධීනව අසුන් ගැනීමට තීරණය කර ඇති බව නම් සඳහන් කිරීමට අකමැති වූ එජාපයේ මන්ත්‍රීවරයකු පැවසීය.

එසේ ස්වාධීනව අසුන් ගෙන කථානායකවරයාගෙන් සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ලෙස පිළිගන්නා ලෙසට ඉල්ලීමක් සිදුකරන බව එම මන්ත්‍රීවරයා කීය.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකකම සහ පක්ෂයේ නායක කම සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදුනහොත් එළඹෙන මැතිවරණය සඳහා වෙනත් ලකුණකින් පොදු සන්ධානයක් බවත් ඉදිරිපත් වීමට එම පිරිස සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි එම මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එසේම ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සියලු දෙනාම එකඟත්වය පළකර ඇතැයිද ඒ මන්ත්‍රීවරයා පැවසීය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත්වී කරු ජයසූරිය මහතා දැන් වැඩම නායකත්වය ලබා දීමට සූදානම් කර ඇති බවත් එම පක්ෂය ආරංචිමාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරනයෙන් ලද පරාජය සැලකිල්ලට ගනිමින් මෙම තීන්දුව ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවර්ධන සිදුකිරීමෙන් පසු රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවද වාර්තාවේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ දරන ලද තනතුරුවලින් ඉවත් වූ බව මාධ්‍යයට පැවැසූ කිසිවෙකුටත් නැවතත් තනතුරු ලබා නොදීමට තීරණය කර ඇත.

එම තීරණය අනුව සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම්, හරීන් ප‍්‍රනාන්දු ඇතුළු කිහිප දෙනෙකුට එජාපයේ කිසිදු තනතුරක් නැවත හිමි නොවනු ඇත.

දැනට පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරන නවීන් දිසානායක මහතාටද ඉහළ තනතුරක් ලැබෙනු ඇති බවද ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements