Advertisement

මෙම 05 වැනිදින පැවැත්වෙන පක්ෂ සම්මේලනයේ දි ශ්‍රී.ල.නි.පක්ෂයේ ශක්තිය තියෙන්නේ මධ්‍යම කාරක සභාවේ නිලධාරින්ටද යනන දැක ගැනීමට හැකි බව එ.ජ.නි. සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී හා හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.

අද (03) ගාල්ල උළුවිටිකේ උත්සව ශාලාවකදි පැවැති අක්මිමන හා ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී.ල.නි. පක්ෂය ක්‍රියාකාරින්ගේ රැස්වීමකදි මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.
“චන්ද්‍රිකා නෝනාත් සමග මම මේ සමුළුවට සහභාගි වෙනවා. ශ්‍රී.ල.නි.පක්ෂය ආරක්ෂා කිරිමට තමයි මෙම සමුළුව තියෙන්නේ. මම කියන්නේ නැහැ අහවලාට ඡන්දය දෙන්න කියලා මම මැතිණිටත් ඒ ගැන කිවා. නායකයින් කියා ගන්නා ශ්‍රී.ල.නි.පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින්ව ඒ අය අපිව දැන් එළියට දමාගන්න බලාගෙන ඉන්නවා නමුත් මේ මැතිවරණයෙන් පසු අපේ ඉලක්කයට ගියහොත්. ඒ අයගේ කණෙන් අල්ලා එළියට දමනවා. ඒ වගකිම මට භාරදෙන්න.

මොන බාධක ආවත් අපේ පක්ෂය අපි ආරක්ෂා කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තය ජයග්‍රහණය කළහොත් පක්ෂයේ අතුරු ව්‍යවස්ථාවේ තියෙනවා. සන්ධානයක් ගහලා ඒ අපේක්ෂකයා මේ රටෙ ජනාධිපති වුවහොත් ඔහු පක්ෂයකට බැදිලා නැත්නම් ඔහුට පුළුවන් ශ්‍රී.ල.නි පක්ෂයේ සමාජිකත්වය අරගෙන සභාපතිවෙන්න.

මම පොහොට්ටුවට ඡන්දය දෙන්නේ නැහැ. වැඩකරන්නෙත් නැහැ. හංසයාට ඡන්දය දෙන්නෙත් නැහැ. වැඩකරන්නෙත් නැහැ. නමුත් මගේ ඡන්දය පාවචිච් කරනවා. කාටවත් අයිතියකන් නැහැ වෙල්ගම මහත්තයා කාටද ඡන්දය දෙන්නේ කියලා අහන්න එක මගේ අයිතිය. පොහොට්ටුව පරදන්න මගේ ඡන්දය පාවිච්චි කරනවා. 

ශ්‍රී.ල.නි.පක්ෂය කියන විට මහින්ද මහත්තයාගේ නම කියන්නේ නැහැ නේ. මෙකත් මහින්ද මහත්තයාගේ ඔලුවේ තියෙනවා. මම ඉතින් දකුණු අත නේ මම නොදන්නා දෙයක් නැහැ නේ. මහින්ද මහත්තයාට එහෙම අනන්‍යතාවයක් නැති නිසා තමයි පොහොට්ටුව හැදුවේ.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements