Advertisement

එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරණයක් ආසන්නයේදී ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දේ දේශපාලන උපක්‍රමයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

එමගින් එක්සත් ජාතික පක්ෂයට දැඩි විරෝධයක් ඇති වූ බවත් අවසානයේ එය සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණයේදී ප‍්‍රකාශ වනු ඇති බවත් මන්ත‍්‍රීවරයා කීය.
අගමැතිවරයාගේ මෙම කටයුත්ත නිසාම එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ලක්ෂ දහයක පමණ ප්‍රමාණයක් අහිමි ව පොහොට්ටුවට එක්වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

අද වනවිට සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීමේදී වැඩි උවමනාව ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බවද ඔහු සඳහන් කළේය.

මිලේනියම් ගිවිසුම ඉදිරිපත් කළ ආණ්ඩුව අප්‍රසාදයට පත් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට එරෙහි ඡුන්ද වැඩි කිරීමට බවත් ඔහු තවදුරටත් පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජන රැලියක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements