Featured News

Video Gossip

Advertisement

මාධ්‍යවේදියෙකු නිවසකට මැර ප්‍රහාරයක් මාධ්‍යවේදී ලසන්ත විජයරත්න මහතාගේ ගාල්ල හබරාදූව, මීපේ හී පිහිටි නිවසට අද අලුයම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් එල්ල කල ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ ඒ මහතා රෝහල් ගත කර ඇතැයි වාර්තා වනවා. අද අලුයම මුහුණු ආවරණ පැළඳ පැමිණි හතර දෙනෙකුගෙන් සමන්විත නන්නාදුන කල්ලියක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත. තුවක්කු වලින් සන්නද්ධව පැමිණි කණ්ඩායම විසින් ලසන්ත විජයරත්න මහතාට පහර දී තියුණු ආයුධයකින් අතකට පහරදී ඇති අතර ඔහු මේ වනවිට රෝහල් ගත කර තිබේ. 

"නාස්තිකාර සංවර්ධනය හා දූෂණය" නමැති ග්‍රන්ථය රචනා කරමින් ලසන්ත විජයරත්න මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දූෂණ සහ වංචා පිළිබඳව කරුණු රැසක් හෙළිදරව් කිරීමට කටයුතු කල අතර ඉන් සති දෙකක් ඇතුලත මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. ප්‍රහාරය සදහා පැමිණි කල්ලිය විසින් ලසන්ත විජයරත්න මහතාට සහ ඒ මහතාගේ බිරිඳට මරණ තර්ජන එල්ල කර ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වංචා දූෂණ පිළිබඳව හෙළිදරව් කලහොත් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කලද, නොකලද අනිවාර්යෙන්ම ඔවුන්ව ඝාතනය කරන බවට තර්ජනය කර තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements