Featured News

Video Gossip

Advertisement

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අමෙරිකානු පුරවැසිභාවය අත්හල බවට නිවැරදි සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් ආරම්භ කළ උපවාසය අද අලුයම අවසන් කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මැද කොළඹ පැවති අවසන් ජනහමුවෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා සුමංගල හිමියන් බැහැදරකීම සඳහා උන්වහන්සේ උපවාසයේ නිරතව සිටි නිදහස් චතුරශ්‍රය වෙත ගොස් ඇති අතර, ඒ මහතා උන්වහන්සේගෙන් කළ ඉල්ලීමකට අනුවයි උපවාසය අත්හැරීමට සුමංගල හිමියන් පියවර ගෙන ඇත්තේ.
එහිදී සජිත් ප්‍රේමදාස මහතා සුමංගල හිමියන්ට ප්‍රකාශ කර ඇත්තේ උපවාසය ආරම්භ කර දින තුනක් ගත වුවත් තමන්ගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවට නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමට රාජපක්ෂ මහතා අසමත්ව ඇති බවයි.

එබැවින් තවදුරටත් උපවාසයේ නිරත වෙමින් සුමංගල හිමියන්ගේ ජීවිතයට හානියක් සිදු කරගත යුතු නැති බවයි ප්‍රේමදාස මහතා උන්වහන්සේට පවසා ඇත්තේ.

එම ඉල්ලීම සැලකිල්ලට ගනිමින් පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් අද අලුයම සිය උපවාසය අත්හරිනු ලැබුවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements