Featured News

Video Gossip

Advertisement

උපයන විට බදු ගෙවීම (PAYE) ආරම්භ කළ යුතු සීමාව මසකට රු. 100,000 සිට මසකට රු. 150,000 ආදායම දක්වා ඉහළ දමන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි සඳහන් වේ. තවද උපයන විට ගෙවීමේ බදු අදාළ වන පරාසය පුළුල් වනු ඇති බව ද එහි දැක්වේ.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි බදු සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත.
අද වන විට රජය විසින් එකතු කරනු ලබන සෑම රුපියලකින්ම ශත 80 ක් ලැබෙන්නේ භාණ්ඩ හා සේවාවලිනි. මෙම වක්‍ර බදුකරණය අපගේ දුප්පත්ම පුරවැසියන්ට බලපාන අයුරින් භාණ්ඩ හා සේවා යන දෙකෙහිම මිල දමයි. එවැවින් අපි වක්‍ර බදු සියයට 60 දක්වා අඩු කරන්නෙමු.

ඒ වෙනුවට අපි ආදායම් බදු, දේපළ බදු සහ වෙනත් ප්‍රගතිශීලි බදු ක්‍රම හරහා සෘජු බදුකරණය ශක්තිමත් කරන්නෙමු.

සෘජු බදුකරණය ශක්තිමත් කිරීම මඟින් ආදායම් බදු අනුපාත ඉහළ නැංවීමට ජනතාවට බරක් නොවනු ඇති නමුත් එය ජාතික බදු රෙගුලාසිවලට අනුකූල වීම වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, අපි විදේශ මුදල් ගිණුම්වලින් පොලිය සඳහා වන බද්ද සහ දරුවන්ගේ ඉතිරි කිරීමේ ගිණුම් සඳහා වන බද්ද ඉවත් කර ඇත්තෙමු.

රඳවා ගැනීමේ බද්ද සහ වෙනත් බදු අපි සම්පූර්ණයෙන්ම වෙනස් කර සරල කරන්නෙමු.

ඔබ උපයන විට බදු ගෙවීම ආරම්භ කළ යුතු සීමාව මසකට රු. 100,000 සිට මසකට රු. 150,000 ආදායම දක්වා ඉහළ දමන්නෙමු. උපයන විට බදු ගෙවීමේ බදු අදාළ වන පරාසය පුළුල් වනු ඇත.

බදු ප්‍රතිපත්තියේ නිශ්චිතභාවය ද අපි සහතික කරන්නෙමු. වැඩිදියුණු කළ අනුකූලතාවයෙන්, වසර දෙකක් තුළ වැට් බද්ද සියයට 15 සිට සියයට 12.5 දක්වා අඩු කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

ප්‍රාග්ධන ක්ෂයවීම් දීමනාව අපි වහාම ක්‍රියාත්මක ක්‍රියාත්මක කරන්නෙමු. ඒ යටතේ ඩොලර් මිලියන 100ක් දක්වා වූ සියලුම ආයෝජන සඳහා 100%ක ක්ෂය වීමට අමතරව අතිරේක 100%ක ප්‍රාග්ධන දීමනාවක් ලැබෙනු ඇත.

ඩොලර් මිලියන 150ට වැඩි ආයෝජනය සඳහා 150%ක අතිරේක ප්‍රාග්ධන දීමනාවක් ලැබෙනු ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements