Advertisement

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට එරෙහිව යාපනය මැතිවරණ කාර්යාලය ඉදිරිපිට උපවාසයක නිරත වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රිවරයෙකු ඊයේ (14) සවස යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ටී.තම්බිරාසා නැමති ඔහු පවසා ඇත්තේ යාපනය මැතිවරණ කාර්යාලයේ ඇති කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද හිමි නාමලේඛනයේ ඡන්දදායකයින්ගේ නම් සිංහලෙන් පමණක් තිබිම නිසා යාපනයේ සිටින දෙමළ ජනතාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ දුන් බවයි.
පසුව යාපනය පොලීසිය එම ස්ථානයට පැමිණ ඔහුට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇත්තේ එම ස්ථානයේ උපවාස කිරීම නීතිවිරෝධී බවට දැනුම් දෙමිනි. නමුත් ඔහු එම ස්ථානයෙන් ඉවත් නොවි පොලිස් නිලධාරීන් සමග බහින් බස් වීමෙන් පසුව ඔහුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements