Advertisement

අන්තර්වාර ආණ්ඩුවේ අගමැති ලෙස අද (21) මහින්ද රාජපක්ෂ දිවුරුම්දුන් නමුත් අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම්දීමක් සිදුවූයේ නැත.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට අන්තර්වාර ආණ්ඩුවේ අමාත්‍ය ධූර ප්‍රමාණය 15ක් වුවත් පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් අමාත්‍ය ධූර ඉල්ලා සිදුකරන බලපෑම් මීට හේතුවී තිබේ.

ශ්‍රිලනිප ය 3ක් ඉල්ලා පස්සෙන් යයි !

මේ වන විට ලැබී ඇති ආරංචි වලට අනූව 15 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයේ ශ්‍රිලනිප ය සඳහා අමාත්‍ය ධූර වෙන්කර ඇත්තේ 2ක් පමණි. එම ප්‍රමාණය 3ක් කර ගැනීමට ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය සමග සාකච්ඡා කරමින් සිටින බවත් දැනගන්නට ඇත. 
කෙසේ වුවත් පොදුජන පෙරමුණ පාර්ශවයේ දැඩි ස්ථාවරය ලෙස වාර්තා වන්නේ ශ්‍රිලනිප අමාත්‍ය ධූර ප්‍රමාණය 2ක් වීම හොඳටම ප්‍රමාණවත් බවය.

දුමී සහ සිරිසේන ට ඇමතිකම් නෑ !

ඒ අනූව නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් අතුරින් දෙදෙනෙකු හට අමාත්‍ය ධූර හිමිවනු ඇති බවත් ලැබෙන අමාත්‍ය ධූර ප්‍රමාණය 3ක් වුවහොත් එම තිදෙනාට පමණක් අමාත්‍ය ධූර හිමිවනු ඇත.
මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු පැමිණ අන්තර්වාර ආණ්ඩුවේ මහවැලි අමාත්‍ය ධූරය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටියත් ඔහුටත් අමාත්‍ය ධූරයක් ලැබීම සැකසහිත තත්ත්වයක් මතුව ඇත. ඒ මේ වන තුරු කිසිදු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වී නොමැති නිසාය.

නමුත් මේ වන විට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක ඉල්ලා අස්වීමට සූදානම් බව ට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. එහෙත් අන්තර්වාර ආණ්ඩුවේ අමාත්‍ය ධූර ප්‍රමාණය 15 බැවින් මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා ට අමාත්‍ය ධූරයක් ලැබීමට නම් ශ්‍රිලනිප කෝටාව යටතේ අමාත්‍ය ධූර ලබන දෙදෙනා හෝ තිදෙනා අතුරින් අයෙකුට ඉල්ලා අස්වීමට සිදුව ඇත.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා හටත් අමාත්‍ය ධූරයක් නොලැබෙන බවද වාර්තා වෙයි. ශ්‍රිලනිප මධ්‍යම

කාරක සභාව අද රැස්වෙයි !

මතුව ඇති මේ තත්ත්වය හමුවේ ශ්‍රිලනිප - පොදුජන පෙරමුණ සන්ධානයක් හරහා එළැඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් වූවත් ලැබෙන අමාත්‍ය ධූර ප්‍රමාණය 4-5ක් පමණ වීම ගැන ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායම දැඩි අවධානයක් යොමුකර ඇති බවත් වාර්තා වෙයි.
එසේම ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීමට ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවේ විශේෂ හමුවක් අද සවස පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements