Advertisement

අද දිනයේ පත් කෙරෙන්නේ තාවකාලික භාරකාර රජයක කැබිනෙට්ටුවක් පමණක් බැවින් රට ගොඩගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ හැකිවන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පසුව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි. 

"මේ පත් කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන තෙක් තාවකාලික භාරකාර ආණ්ඩුවක කැබිනට් මණ්ඩලය. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න වෙන්නේ මහජන ඡන්දයෙන් ශක්තිමත් ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවක් ඇති කරගැනීමෙන්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (21) මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිලනිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව රට ගොඩගැනීමේ හැකියාව පිළිබඳව මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements