සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනාගේ අවධානය දිනා ගනිමින් ජනප්‍රිය තරුවක් බවට පත්වූ රානු මොන්ඩාල් පිළිබඳ නැවතත් කතාබහක් ඇතිව තිබෙනවා. ඒ ඇය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පැතිර යන වීඩියෝවක් මුල්කර ගනිමින්.
දුර්වර්ණ ඇඳුමින් පැළඳුමින් සැරසි ඉන්දියාවේ බෙන්ගාල් හි රනාගට් දුම්රිය වේදිකාවේ ගීත ගයමින් සිටි ඇයගේ විඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමඟ ඇයගේ ජීවිත කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වුනේ ඉන්දියාවේ සුපිරි චිත්‍රපට ගායකයෙකු වන හිමේෂ් රෙෂමියා සමඟ චිත්‍රපට ගීයක් ගැයීමට තරම් වාසනාවන්ත වෙමින්.
ඉන් පසු ලොව පුරා බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත් ඇයට මේ වන විට බොහෝ දෙනාගේ විරෝධය එල්ල වී තිබෙනවා. ඒ ඇයගේ රසිකාවියක් එක්තරා ඇය සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීම සඳහා ඇයගේ අසළට පැමිණ තට්ටු කරන විට ඉන් කෝපයට පත් රානු මොන්ඩාල් ඇයට යමක් කියන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වීමත් සමඟයි.
ඒ අනුව එම වීඩියෝවේ සඳහන් වන්නේ "Don't touch me Im celebrity now" (මාව අල්ලන්න එපා. මම දැන් කීර්තිමත් කෙනෙක්.) යනුවෙනි.

