Advertisement

මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්‍ෂකයන් වන සජිත් ප්‍රේමදාස, ගෝඨාභය රාජපක්‍ෂ, අනුර කුමාර දිසානායක යන මහත්වරුන් වීරවිල, නුගේගොඩ සහ පංචිකාවත්ත යන ප්‍රදේශවල පිහිටි ඡන්ද මධ්‍යස්‌ථානවලදී සිය ඡන්දය ප්‍රකාශ කරනු ඇත.

ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක, නිවාස, ඉදිකිරීම් හා සංස්‌කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වීරවිල, අභයපුර සුරනිමල කනිෂ්ඨ විද්‍යාලයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නුගේගොඩ මිරිහාන පැඟිරිවත්ත ශ්‍රී විවේකාරාමයේදී ද සිය ඡන්දය ප්‍රකාශ කරනු ඇත.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කොළඹ පංචිකාවත්ත අභයසිංහාරාමයේදී ද සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

මෙම ප්‍රධාන අපේක්‍ෂකයන් තිදෙනාම අද (16 දා) පෙරවරුවේ ම සිය ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටින බවද එම පක්‍ෂ ආරංචි මාර්ග කියා සිටී.




අකිත පෙරේරා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements