Advertisement

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන හදිසි කැඳවීමක් ලැබී තිබේ. වාර්තා වන පරිදි නගරාධිපතිනියට එරෙහිව දිගින් දිගටම එල්ල වෙමින් තිබෙන චෝදනා හා පැමිණිලි සම්බන්ධයෙන් විමසීම සඳහා එම කැඳවීම කර ඇත. 

කොළඹ මහ නගර සභාව තුළ දිනෙන් දින ඉහළ යන අකාර්යක්ෂම පාලනය සම්බන්ධයෙන් ඇයට එරෙහිව ජනාධිපතිවරයා වෙත පැමිණිලි ගණනාවක් ලැබී ඇති බව සඳහන්.

නගාරධිපතිනිය ලෙස සිය ධූරයේ රාජකාරී පසෙක තබා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතුවලට මැදිහත් වෙමින් සිටින අතර මහ නගර සභාවේ වගකීම හරි හැටි ඇගෙන් ඉටු නොවන බවටයි සේනානායක මහත්මියට එරෙහිව පැමිණිලි ලැබී ඇත්තේ. 

නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමෙන් පසු කඩිමුඩියේ වැඩකිරීමට පටන් ගෙන තිබුණද එයත් නගරයේ කැලි කසළ ඉවත් කිරීම වැනි බාහිරින් පෙනෙන කටයුතුවලට සීමා වී ඇති බවද වාර්තා වෙයි. 

පසුගිය කාලය පුරාම ඇගේ පරිපාලනය අතිශයින් දුර්වල බව ද සඳහන්. 

කෙසේවෙතත් ඉදිරියේදී එම කටයුතු නිවැරදි නොවුණහොත් කොළඹ මහ නගර සභාවේ කටයුතු විශේෂ කොමසාරිස්වරයෙකු යටතට පත්කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බවත් වාර්තා විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements