Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකා තාක්ෂණික ඉතිහාසයේ පෙරළියක් සිදු කරමින් ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් ලෙස වේගා සුපිරි කාරය නිපදවුනා. 100% ශ්‍රී ලාංකික තාක්ෂණයෙන් නිපද වූ මෙම සුපිරි කාරය නිපද වූයේ ආචාර්ය හර්ෂ සුභසිංහගේ වේගා ඉනොවේෂන්ස් සමාගම විසිනි.

වේගා සුපිරි කාරය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකීය වියතුන්ගේ දැනුමින් සිදුවූ ව්‍යාපෘතියක් වන අතර ආචාර්ය හර්ෂ සුභසිංහගේ මෙහෙයවීමෙන් මොරටුව සරසවියේ ඉංජිනේරුවන් පිරිසක් ඇතුලු දේශීය ඉංජීනේරුවන් මේ ව්‍යාපෘතියට සම්බන්ධව සිටිනවා.
මෙය මුළුමනින්ම විදුලිය භාවිතයෙන් ධාවනය වන රථයක්. වේගා රථයට පැයට කිලෝමීටර 240ක උපරිම වේගයක් ලබා ගත හැකියි. එය තත්පර 3.6 තුළ වේගය පැයට කිලෝමීටර 100 දක්වා ඉහළ නැංවිය හැකිවීමත් විශේෂයි.

වේගා සුපිරි කාරයේ ඉතිහාසය සළකා බැලීමේදි 2013 වසරේදී මරදාන ට්‍රීපෝලී මාකට් ප්‍රදේශය දැනුම උයනක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහනක් දියත් වුනා. ඒ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයකට අනුවයි.

එලෙසින් ශ්‍රී ලංකාවට නව තාක්ෂණය සහ දැනුම මුසු කරන දැනුම උයනක් ලෙස ට්‍රිපෝලී මාර්කට් ප්‍රදේශය ආරම්භ කිරීමෙන් පසුව මරදාන ට්‍රීපෝලී මාර්කට් ප්‍රදේශයේ, එක්ස්පර්ට් සිටි ලිපිනයේ මෙහෙයුම් ඇරඹූ වේගා ඉනොවේෂන්ස් සමාගම ශ්‍රී ලංකාවට අන්‍යන්‍ය ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සුපිරි කාරයක් නිෂ්පාදනය කිරීමේ වැඩ කටයුතු ඇරඹුවා. ඒ 2014 වසරේදී.

මෙහිදී ලම්බෝගිනි, ෆෙරාරි හා සම තත්ත්වයට පත්වූ වේගා සුපිරි කාරය නිපදවීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් සහය හා මග පෙන්වීම පිළිබඳ ව්‍යවසායකයෙකු හා ව්‍යාපාරිකයෙකු වන හර්ෂ සුභසිංහ කෘතවේදීව සිහිපත් කරනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements