Featured News

Video Gossip

Advertisement

2020 මාර්තු මුල පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් අප්‍රේල් 25 වනදා මහමැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 

කෙසේවෙතත් එය ජනාධිපතිවරයා සතු තීරණයක් බවයි ඒ මහතා සඳහන් කළේ. 

එසේම තමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වුවත් එහි සාමාජිකයකු ලෙස දිගටම කටයුතු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. 

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් වැඩිවීමේ ගැටළුව විසඳාගැනීම සඳහා ඇප මුදල් වැඩිකළ යුතු බවත් ඊට අදාළ පනත් කෙටුම්පත් සකස් කර දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. 

එමෙන්ම විදෙස්ගතව සිටින පිරිස් සඳහා තැපැල් ඡන්දය භාවිතා කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට 2025 වනවිට අනිවාර්යයෙන්ම නීති සම්පාදනය කළ යුතු බව ද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුව මාර්තු 01 විසුරුවයි


ඉදිරි මාස තුනක කාල සීමාව තුළ නව රජයේ ඉලක්ක සපුරා ගැනීමට  අමාත්‍යාංශයේ සියළුම නිලධාරීන්ගේ කාර්යක්ෂම සේවය තමන් බලාපොරොත්තුවන බවත්,මේ වසරේ  ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති මුදල් නිසි පරිදී  යොදා ගැනීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය

වැඩිදුරත් ඒ මහතා සදහන් කරනු ලැබුවේ  මේ ආණ්ඩුව අපි පිහිටුවා තිබෙන්නේ මාස තුනකට වැනි කෙටිකාලයක් සඳහා බවයි.  මාර්තු පළවෙනිදා වන විට බොහෝ විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමා ක්‍රියා කරයි යනුවෙනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements