Advertisement

මහමැතිවරණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහෙයවන බවත්, යාන්ත්‍රණය බැසිල් රාජපක්ෂ මහතා විසින් ක්‍රියාත්මක කරනු ඇති බවත් ජනාධිපතිවරයා ලෙස තමන් ඊට සහාය දක්වන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය.

එසේම පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන බවත්, මහ මැතිවරණය අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

“මහ මැතිවරණය වෙනුවෙන් අපේ පිලේ ඉන්න හොඳම දේශපාලනඥයා මහින්ද රාජපක්ෂ. එතුමා මැතිවරණය මෙහෙයවයි. යාන්ත්‍රණය දුවවන්නේ බැසිල් රාජපක්ෂ. ඒක හංගන්න දෙයක් නෑ.

ජනාධිපතිවරයා ලෙස මම ඒකට සහයෝගය දෙනවා. තුනෙන් දෙකක් ගන්න බලාපොරොත්තු වෙනවා. වැඩි ඡන්දයක් ගන්න පුළුවන් ලකුණක් අපි යොදාගන්නවා” යනුවෙන්ද ඔහු කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements