Featured News

Video Gossip

Advertisement

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රනවක මහතා අද(19) පෙරවරු 9.15ට පමණ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.

අත්අඩංගුවට පත්ව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා අද පෙරවරුවේ කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. පසුව පැය හතරක ප්‍රශ්න කිරීමකින් අනතුරුව නැවත  ලබන 24 වනදා දක්වා චම්පික රනවක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කෙරින.

ඔහු රුගෙන එන අවස්ථාවේ අධිකරණ සංකීර්ණය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබෙනු දක්නට ලැබුණු බව ද අද දෙරණ වාර්තාකරු පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ(18) රාත්‍රියේ සිය නිවසේ සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගත් අතර පසුව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආවේය.

ඉන් අනතුරුව ඔහු කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර අද(19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබුණි. 

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙනආවේය.

ඊයේ රාත්‍රි ඔහු මැගිසින් බන්ධනාගාරය වෙත රැගෙන ආ බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

රිය අනතුරක් සිදු කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීම සහ අනතුරෙන් පසු රියදුරු මාරුකර පලා යාමේ චෝදනා මත හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසටය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

නීතිපතිවරයාගේ උපදෙස් මත බත්තරමුල්ලේ පිහිටි නිවසේදී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආවේය.

පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඊයේ රාත්‍රි 10.00ට පමණ ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නෙරංජලා ද සිල්වා මහත්මිය වෙත ඉදිරිපත් කරනු ලැබුවේය.

එහිදී ඇය නියෝග කළේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ඒ අනුව අද දිනයේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් අදාල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements