Featured News

Video Gossip

Advertisement

රාජ්‍ය ආයතනවල කාර්යක්‍ෂමතාව සොයා බැලීම සඳහා පෙර දැනුම්දීමකින් තොරව එම ආයතනවලට යෑමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ.

ඒ ආකාරයට මිනුම්දෝරු දෙපාර්තමේන්තුව ඇතුලු තවත් රාජ්‍ය ආයතන කිහිපයකට ජනාධිපතිවරයා පසුගිය දින කිහිපයේදී ගොස් ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර කළුබෝවිල රෝහල අසලින් ගමන් ගන්නා විට රෝගීන් බැලීමට පැමිණි ජනතාව දැඩි අව් රශ්මියෙන් පීඩා විඳිමින් රෝහල් ගේට්ටුව අසල රැඳී සිටිනු දැක ඇත.

රෝගීන් බැලීමට පැමිණෙන ජනතාව අපහසුතාවට පත් නොකර, ඔවුන්ට ඉඳගැනීමට අසුන් පනවන ලෙසත්, ඔවුන් අව් රශ්මියෙන් පීඩා විඳීම වැළැක්වීමට සුදුසු වැඩපිළිවෙළක් දින තුනක් ඇතුළත ක්‍රියාවට නංවන ලෙසත් ජනාධිපතිවරයා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රී ධනසිරි අමරතුංග මහතාට දුරකතනයෙන් දැනුම්දී ඇත.

අමරතුංග මහතා මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් දැනුම්වත් කිරීමෙන් පසුව තාවකාලිකව එම ස්ථානයට යකඩ බංකු සවිකර වහලයක් සවිකිරීමටද කටයුතු යොදා තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements