ගල් අඟුරු කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ ඉන්දියාවේ මත්පැන් ජාවාරම්කරුවෙකුටයි - හිටපු ඇමති පාඨලී චම්පික රණවක හෙලි කරයි
කොළඹ, මාර්තු 31 – මෙරට ගල් අඟුරු ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ මත්පැන් ජාවාරම්වලට සම්බන්ධ සහ දේශපාලන පක්ෂවලට අල්ලස් ලබා දුන් පුද්ගලයෙකුට අයත් සමාගමකට ලබා දී ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කරයි.
විශේෂ සම්මන්ත්‍රණයක් අමතමින් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙම ගල් අඟුරු ගනුදෙනුව පිටුපස සිටින ප්‍රධානියා සරත් රෙඩ්ඩි නැමැත්තෙකු බවත්, ඔහු 2021-22 කාලසීමාවේදී දිල්ලියේ ව්‍යාජ අරක්කු විකිණීමේ ජාවාරමකට සම්බන්ධව වරදකරුවෙකු වූ බවත් පෙන්වා දුන්නේය.




















