Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

වසර 28කට පසු දකුණු ආසියානු තරග බිමේ මලල ක්‍රීඩා ඉසව්වෙන් පෙරමුණ ගනිමින් ඉන්දීය ආධිපත්‍ය බිඳ දැමීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

කත්මන්ඩු නුවර දසරාත් ක්‍රීඩාංගණයේදී පෙරේදා නිමාවු එම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 15ක්, රිදී පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 8ක් හිමිවිය.

ශ්‍රී ලංකාව අවසන් වරට මලල ක්‍රීඩා ඉසව්වෙන් වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනාගෙන තිබුණේ වසර 1991 කොළඹ දී පැවැති 5 වැනි ක්‍රීඩා උළෙලේදීය. එහිදී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 15ක් දිනා තිබිණි. ඉන් පසු පැවැති ක්‍රීඩා උළෙලේ 7 දීම මලල ක්‍රීඩාවෙන් පෙරමුණ ගත්තේ ඉන්දියාවයි.

වසර 28කට පසු මෙලෙස ඉන්දියාව අබිබවා රන් පදක්කම් 15ක් දිනා ගැනීම ඉතිහාසගත වන ජයක් බව ජාතික මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ප්‍රේමා පින්නවල මහතා පැවැසීය.

‘මෙය ඉතිහාසගත ජයක්. අපේ මවු රටට මේක ලොකු ජයග්‍රහණයක්. තව දින කිහිපකින් අපි ශ්‍රී ලංකාවට යනවිට මුළු රටම 1991දී වුණා වගේ ටීම එකට හොඳ සහයෝගයක් දෙයි.’ පින්නවල මහතා කීය.

අවසන් වරට පැවැති ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැති 12 වැනි ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ රන් පදක්කම් 9ක් පමණි. මෙවර එය 6කින් වැඩිවිය. 2016දී ඉන්දියාව මලල ක්‍රීඩාවෙන් පෙරමුණ ගත්තේ රන් පදක්කම් 28ක් දිනාගනිමිනි. එහිදී ශ්‍රී ලංකාවට හැර අනෙක් කිසිදු කණ්ඩායමකට රන් පදක්කම් හිමි නොවීය. එහෙත් මෙවර ක්‍රීඩා උළෙලේදී ඉන්දියවේ රන් පදක්කම් සංඛ්‍යාව 12 දක්වා පහත වැටුණු අතර පාකිස්තානයට 5ක්, නේපාලයට 3ක් සහ දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා බිහිකරමින් මාලදිවයිනද රන් පදක්මක් දිනා ගැනීම කැපී පෙනුණි. පෙරේදා මලල ක්‍රීඩා අවසන් දිනයේදී ඉසව් 8 පැවැති අතර ඉන් රන් පදක්කම් 6ක් ශ්‍රී ලංකාව සතුවීම විශේෂත්වයකි.

එහිදී කැපී පෙනෙන ක්‍රීඩිකාව බවට පත්වූයේ දිල්ෂි කුමාරසිංහය. ඇය මින් දින කිහිපයකට පෙර නදීශා රාමනායක වෙනුවට එක්වූ මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර පෙරේදා මීටර් මීටර් 800 සහ මීටර් 400 සහාය රන් පදක්කම් දිනා ගත්තාය.

මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනාගත් අරුණ දර්ශණ මීටර් 400 සහාය කණ්ඩායම සමගින් එක්ව සිය දෙවැනි රන් පදක්කම දිනාගත් අතර හිරුණි විජේරත්න මැරතන් ඉසව්වෙන්, දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සහ මීටර් 800 පිරිමි ඉසව්වෙන් ඉඳුනිල් හේරත් රන් පදක්කම් දිනා ගත්හ. ඉඳුනිල් තරගයට පෙර දින උණ රෝගයෙන් පෙලුණු අතර සටන්කාමී අධිෂ්ඨානයෙන් රන් පදක්කම දිනා ගැනීම කැපී පෙනුණි. තරගයෙන් අනතුරුව යළිත් ඔහුට ඔක්සිජන් පවා ලබාදීමට සිදුවිය.

මෙලෙස රන් පදක්කම් 15ක් දිනා ගනිමින් ලබාගත් ජය තම සිහිනයක් සැබෑවීමක් බවත්, තම කණ්ඩායමට තිබූ ලොකුම අභියෝගය දේශගුණික තත්ත්වය බවත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකරු මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතා පැවැසීය

‘මම කළමනාකරු හැටියට ඉතාම සතුටු වෙනවා මේ ජයග්‍රහණය පිළිබඳ. ඇත්තටම මම මේ කණ්ඩායමේ කළමනාකරු පමණයි. ප්‍රධාන පුහුණුකරුවන්, අපේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ඇතුළු සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මට උපරිම සහයෝගය ලබා දුන්නා. 1991 පස්සේ රන් 15ක් දිනා ගැනීමට හැකි වීමත්, ඇත්තටම ඉන්දියාව පරාජය කිරීමට ලැබීමත් ලොකු ජයග්‍රහයක්. මේක තමයි අපි ලංකාවට ගේන්න ඕන ජයග්‍රහණය’

‘විශේෂයෙන්ම කාලගුණය තමයි අපිට තිබුණු ලොකුම අභියෝගය. අපේ ළමයි කිහිප දෙනෙක් අසනීප වුණා. ඒත් හැමදාම අපි ප්‍රධාන පුහුණුකරු සෙසු පුහුණුකරුවෝ, ඒ වගේම සුසන්තිකා ජයසිංහ මහත්මියත් අපිට උපදෙස් දුන්නා. අපේ සභාපති පාලිත ප්‍රනාන්දු මහතා අපිට නිතරම උපදෙස් දුන්නා. ඒ වගේම යුද හමුදාපතිතුමා මගේ වගකීම් සියල්ල දරාගෙන මාව මේ කාර්යය සඳහා නිදහස් කළා. ඒ වෙනුවෙනුත් මම ස්තුති වන්ත වෙනවා.’ යැයි පැවසු මුදලිගේ මහතා මෙය ශ්‍රී ලංකාවේම ජයග්‍රහණක් බවත් පැවැසීය.

මලල ක්‍රීඩා සමගින් ක්‍රීඩා උළෙලේ 7 වැනි දිනය වූ පෙරේදා වනවිට නිමාවූ ඉසව් සංඛ්‍යාව 10කි. ක්‍රීඩා උළෙලේ නිල සමාරම්භයට දින 4කට කළින් වොලිබෝල් ඉසව්ව ආරම්භ වූ අතර එය පසුගිය 3 වැනිදා නිමාවට පත්විය. එහිදී ශ්‍රී ලංකාවට හිමිවූයේ ලෝකඩ පදක්කම් 2කි.

ටයිකොන්ඩෝ

ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ කණ්ඩායම මෙවර ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කළේය. එම ඉසව්වෙන් මෙවර ශ්‍රී ලංකාවට පදක්කම් 26ක් හිමිවු අතර ඊට රන් පදක්කම් 4ක්, රිදි පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 15ක් ඇතුළත් වූහ. 12 වැනි ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් 5කට සීමාවූයේ රිදී 1ක් සහ ලෝකඩ 5කිනි.

ගොල්ෆ්

ගොල්ෆ් ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 2ක් හිමිවිය. එහිදී කන්තා කේවල ඉසව්වට එක්වූ ග්‍රේෂ් යටවර රන් පදක්කමක් දිනාගත් අතර ඇය සමගින් තුහාෂිනි සෙලවරත්නම් සහ ටානියා බාලසූරිය එක්ව කණ්ඩායම් රන් පදක්කම දිනා ගත්හ. එම ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවූ අතර සත්කාරක නේපාලය දි රන් සහ ලෝකඩ පදක්කම් 2 බැගින් දිනා ගත්තේය.

වුෂූ

වුෂූ ඉසව්වෙන් මෙවර ශ්‍රී ලංකාවට හිමිවූ සමස්ත පදක්කම් සංඛ්‍යාව 13කි. ඊට රන් පදක්කම් 2ක්, රිදී 5ක් සහ ලෝකඩ පදක්කම් 6ක් ඇතුළත් විය. එම ඉසව්වෙන් ශ්‍රී ලංකාව හිමිවූයේ සිවුවැනි ස්ථානයයි.

තුන් ප්‍රයාම

තුන් ප්‍රයාම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් හිමිවිය. කණ්ඩායම් 3ක් එම ඉසව්ව නියෝජනය කළ අතර ශ්‍රී ලංකාවට හිමිවූයේ 3 වැනි ස්ථානයයි.

කරාතේ

කරාතේ ඉසව්වේ දී ශ්‍රී ලංකාවට හිමිවූයේ රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 15කි. ඒ සමගින් එම ඉසව්වෙන්ද ශ්‍රී ලංකාව සිවුවැනි ස්ථානයට පත්විය.

මේස පන්දු

මේස පන්දු ඉසව්වේදී ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයට පත්වූයේ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් සමගිනි.

ඡායාරූප
නිරෝෂාන් ප්‍රියංකර

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook