Advertisement

“මගනැගුම” ආයතනය තුළ ඇති භාවිතයට නොගන්නා ලද හා අතහැර දමා ඇති යන්ත්‍රෝපකරණ හා රථ වාහන වහාම අලුත්වැඩියා කර භාවිතයට ගන්නා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා නිලධාරීන්ට නියෝග කර තිබේ.

වරාය හා නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි “මගනැගුම” ආයතනය තුළ ඇති භාවිතයට නොගන්නා ලද හා අතහැර දමා ඇති ෆෝක්ලිෆ්ට්, එස්කැවේටර්, ගල්රෝල්, තාර දමන යන්ත්‍ර‍, ටිපර් රථ, මෝටර් ග්‍රේඩර් යන්ත්‍ර‍, රථ වාහන සහ යන්ත්‍රෝපකරණ වහාම අලුත්වැඩියා කර භාවිතයට ගන්නා ලෙස “මගනැගුම” නිලධාරීන්ට නියෝග කළේ ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ හදිසියේම මගනැගුම කාර්යාල පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේ දී ය.

මගනැගුම කාර්යාල පරිශ්‍ර‍ය වෙත පැමිණි ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතාට විශාල වශයෙන් අත්හැර දමන ලද යන්ත්‍රෝපකරණ හා රථ වාහන නිරීක්ෂණය විය. පසුගිය වසර කිහිපය පුරාම එම යන්ත්‍රෝපකරණ සහ රථ වාහන භාවිත නොකර ඇති අතර ඒවා අබලන් වී තිබුණි. වහාම මෙම යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කරන ලෙසත් මෙම කෝටි ගණන් වටිනා යන්ත්‍රෝපකරණ භාවිත නොකොට දිරාපත් වන්නට හැරීමෙන් ජාතික අපරාධයක් නොකරන ලෙසටත් අමාත්‍යවරයා එහි නිලධාරීන්ට අවධාරණය කළේය.

වහාම මෙහි ඇති යන්ත්‍රෝපකරණ වල ලැයිස්තුවක් සකස් කර අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදුකරන ලෙසත් අබලි හා කසළ වහාම ඉවත් කරන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් නියෝග කරන ලදි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements